
ගයාන් ගාල්ලගේ l
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට ලබාදීමට එකඟ වූ සාකච්ඡාව මැයි 1 වැනිදා පැවැත්වෙන බවත්
එම තීරණාත්මක සාකච්ඡාවෙන් අනතුරුව බරපතළ තීන්දු තීරණ රැසක් ගන්නා බවත් පසුපෙළ මන්ත්‍රීවරයකු වන හේෂ විතානගේ මහතා දේශයට පැවසීය.
තමන් ඇතුළු කණ්ඩායම තවමත් එජාපයේ දැනෙන ප්‍රතිසංවිධානයක් බලාපොරොත්තු වන බවත් මෙම සාකච්ඡාවෙන් පසුව හෝ යම් දැනෙන තීන්දුවක් ලැබෙතැයි අපේක්ෂා කරන බවත් හෙතෙම සඳහන් කළේය.
පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා මේ වෙනස අපේක්ෂා කරන බවද ඔහු කීය.